Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Nazriya Nazim Fahadh, Basil Joseph, Sidharth Bharathan, Deepak Parambol, Merin Philip, Akhila Bhargavan, Pooja Mohanraj, Abhiram Radhakrishnan, Kottayam Ramesh, Gopal Mangat, Manohari Joy, Rini Udayakumar, Jaya Kurup, Binny Rinky Benjamin, Noushad Ali, Aparna Ram, Saras Menon, Aathira Rajeev, Nandan Unni
Sookshma Darshini (2024) | “මුලාව.?”
2024 නොවැම්බර් 24 වෙනිදා නිකුත් වුන මේ චිත්‍රපටය අයත් වෙන්නෙ black comedy mystery thriller කියන කැටගරි එකට.. රංගනයෙන් දායක වෙන්නෙ මලයාලම් සිනමාවේ මෙන්ම දමිළ සිනමාවේද ජනප්‍රිය නිළි Nazriya Nazim විසින්.. ඒවගේම ජනප්‍රිය මලයාලම් නළුවෙකු මෙන්ම අධ්‍යක්ෂකවරයෙක්ද වන Basil Joseph මේකෙ ප්‍රිතිවිරුද්ද චරිතය විදිහට රංගනයෙන් දායක වෙනව.. හැමෝම ආස කරන ජාතියේ මලයාලමේ තවත් සුපිරියක් මේක.. බලන්න ගත්ත වෙලේ ඉදන්ම ත්‍රිලර් එකෙන් බලන්න පුලුවන් ෆිලුමක් වගේම, අන්තිමට කවුරුත් නොහිතන දෙයක් වෙන ෆිලුමක්..
අධ්‍යක්ෂණය – M. C. Jithin
රචනය – Athul Ramachandran / Libin T. B
රංගනය – Nazriya Nazim Basil Joseph Akhila Bhargavan Merin Philip
ධාවන කාලය – මිනිත්තු 147
භාෂාව – මලයාලම්
කතාව පැත්තට ගියොත්,
සෑහෙන්න කාලයක් කාත් කවුරුත් නැතුව පාළුවට ගිහින් තිබුණ තමන්ගෙ ගෙදරට මැනුවෙල් සහ එයාගෙ අම්ම එන්නෙ අවුරුදු ගාණකට පස්සෙ.. ඒ නිසා මෙයාලගෙ අස්ල්වැසියොත් මෙයාල ගැන ඇහැ ගහගෙන තමයි ඉන්නෙ.. ගමක ගෑණු අය ඉතින් අනුන්ගෙ ඒව හොයන තරම මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.. මැනුවෙල් කියන විදිහට එයාගෙ අම්මට මතකය නැතිවීමෙ ලෙඩක් තියෙනව.. ඒත් වෙන එක්තරා සිද්දි පෙලක් එක්ක එයාලගෙ අසල්වැසියා “ප්‍රියාට” මැනුවෙල් ගැන සැක හිතෙනව.. ඔහොම ඉද්දි හදිස්සියේම මැනුවෙල්ගෙ අම්මත් අතුරුදහන් වෙලා ටික දවසකින් හම්බවෙනව.. ප්‍රියාට අම්මගෙ මේ අමතක වීමේ ලෙඩේ සහ අනික් දේවල් වල ලොකු අමුත්තක් දැනෙනව.. ඉතින් ප්‍රියා මේ ගැන හොයන්න ගත්තාම තමයි ප්‍රියාට මේ මැනුවෙල්ගෙ ඇත්ත ස්වරූපය තේරෙන්න අරගන්නෙ..
පටන් ගත්ත වෙලේ ඉදලම ත්‍රිල් එකේ බලන්න පුලුවන් කරකවල අතෑරියා වගේ වෙන අවසානයක් තියෙන තවත් සුපිරි ෆිලුමක් මේක.. සුපුරුදු විදිහට හැමෝටම මේකත් බලන්න කියල ආදරෙන් ආරාධනා කරනව..
📑SUBTITLES BY : ✍ ශාන් සසංග [CINERU]
It's free. No subscription required
There are no reviews yet.