Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew Chris Hemsworth, Mark Ruffalo, Tom Hiddleston, Cate Blanchett, Idris Elba, Jeff Goldblum, Tessa Thompson, Karl Urban, Anthony Hopkins, Benedict Cumberbatch, Taika Waititi, Rachel House, Clancy Brown, Tadanobu Asano, Ray Stevenson, Zachary Levi, Georgia Blizzard, Amali Golden, Luke Hemsworth, Sam Neill, Charlotte Nicdao, Ash Ricardo, Shalom Brune-Franklin, Taylor Hemsworth
Thor: Ragnarok (2017) | “ලොවක් විනාශ කල පවුල් ප්‍රශ්නය”
ඇත්තටම මෙම චිත්‍රපටයට පදනම් වෙන්නේ නෝර්වේයානු (අතීත බටහිර ජර්මන්, නොර්වේ ආදී ප්‍රදේශයන්ගේ) දේව ඉතිහාසයට සම්බන්ද කතාවක්. ඇත්තටම ඔයාල දැනටමත් දන්නවා ඇති කියල හිතෙනවා මේ, තෝර්, ලොකි වැනි චරිත මාවල් කොමික් අරගෙන තියෙන්නේ මෙම නෝර්වේයානු දේව ඉතිහාසයෙන්. ඉතින් මේ කතවා සම්පුර්නම පදනම් වෙන්නේ තෝර්ගේ ලෝකය වන ඇස්ගාඩ් ලොවේ ඉරණම සම්බන්දයෙන්. ඔයාල අපි දන්නා මහා බාරත් යුද්දය, රාම රාවනා යුද්දය වැඩි හින්දු දේව ඉතිහාසයේ ප්‍රසිද්ද යුද්ද මෙන්ම මෙම නෝර්වේයානු දේව ඉතිහාසයේ තිබෙනවා ඇස්ගාඩ් දෙව් ලොව අනාගතයේ දෙවියන් අතර ඇතිවෙන යුද්දයකින් විනාශ වෙන බව. ඉතින් සරලවම මෙහි දක්නට තිබෙන්නේ එම ඉතිහාස කතාවේ කොමික් වර්ෂන් එකක්.
ඉතින් මෙහි සිටිනා චරිත ඔයාලට පොඩ්ඩක් කොමික් වලින් බැහැරව තේරුම් කරදෙන්න මම පොඩි උත්සාහයක් ගන්නම්. ඉතින් තෝර්. මෙයා තමා අකුණු, ගුගුරුම්, කුනාටු , ඕක් ගස් වලට ප්‍රධාන දෙවියා. ඒවගේම ඇස්ගාඩ් දෙව් ලොව ආරක්ෂකයා වගේම මනුෂ්‍ය ලොව රැකවලා. දේව ඉතිහාසයට අනුව මොහු තමා මිනිස් ලොව ස්වභාවික විපත් පාලනය කරන්නේ. Mjölnir ලෙස හඳුන්වන මිටිය තමා මොහුගේ ආයුදය. ඊළඟට ලොකි. මොහු තෝර් ගේ සහෝදරයෙක් ලෙස මාවේල් විශ්වයේ සඳහන් වුවත් සැබෑ දේව ඉතිහාසයේ එවැනි පැහැදිලි සදහනක් නැහැ. පසුකාලින ඉතිහාස කතාවක පමණක් මොහු ඔඩින් නැතිනම් තෝර් ගේ පියාගේ තවත් එක් පුතෙක් ලෙස සඳහන් වෙනවා. ඊළඟට මෙහි දක්නට ලැබෙන හෙලා නැතිනම් මරණයේ දෙව්දුව ඇත්තටම දේව ඉතිහාසයේ දක්නට ලැබෙන්නේ ලොකි ගේ දියණියක් වශයෙන්.
ඊළඟට කොමික් චරිත කිහිපයක් ඔයාලට මෙහි දක්නට පුළුවන්. හල්ක්, මායා දොස්තර (ඩොක්ටර් ස්ට්‍රේන්ජ්), සහ කුඩා දර්ශනයක් සඳහා බ්ලැක් විඩෝ ඒ අතරේ ප්‍රධානයි. ඒවගේම චිත්‍රපටය අවසන් ඇවෙන්ජර් චිත්‍රපටය සිදුවීම් සිදුවී වර්ෂ දෙකකට පසු වෙන සිද්දියක් ලෙස තමා පෙන්වන්නේ. ඔයාලට මතක ඇති හල්ක් යානයක නැගිලා වේගයෙන් පියඹා යනවා. ඒවගේම ඊට පස්සේ තෝර් විවිධ වීර ක්‍රියා සිදුකරමින් විශ්වය පුරා ගමන් කරනවා. චිත්‍රපටයේ නොපෙන්නුවත් නෝර්වේයානු දේව ඉතිහාසයේ විශාල සත්වයන් සමග සටන් කිරීම, විශ්වයේ තිබෙන දුර්ලභ වස්තුන් සොයා ගෙන යන ගමන සිදු වුවා යැයි අපට සිතන්න පුළුවන්. චිත්‍රපටයේ ආරම්භයේ එක් ස්ථානයක ඔහු එවැනි සඳහනක් කරන හින්දා.
මෙම දේව යුද්දය සටහන් වන නොර්වෙයානු රුප සටහනක්
කොහොම හරි කලින් කිව්වා වගේ ඇස්ගාර්ඩ් දෙව්ලොව විනාශ වෙන දේවයුද්දය තමා මේ චිත්‍රපටයේ පෙන්වන්නේ. තෝර්, ලොකි සහ තෝර් ගේ වැඩිමල් සහෝදරිය ලෙස මෙහි හඳුන්වන හෙලා සහ හල්ක් මිට මැදිවෙන ආකාරය ඔයාලට මේකෙන් බලන්න පුළුවන්. ඒවගේම තෝර් සහ හල්ක් හමුවීම සිදුවෙන ආකාරය සහ මෙම යුද්දයට වටපිටාව සකස්වීම ඉතාමත් පැහැදිලිව පෙළගස්වා තියෙනවා. ඒත් දෙයක් කියන්න ඕනා. මොකද මේක චිත්‍රපටයත් මාවේල් චිත්‍රපට වලට ලඟදි හැදිලා තිබෙන අවාසනාවන්ත රෝගය වන කොමික් කොමිටේල් කිරීමේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වෙලා තියෙනවා කියල මට පුද්ගලිකව හිතෙනවා. මොකද අකුණු වලට අධිපති දෙවියන් මේ චිත්‍රපටයේ කුඩා ටිසර් (විදුලි ස්පන්ධන) මෙවලමක් අධාරයෙන් අඩපන කිරීම සහ සම්පුර්ණ දෙව් ලොවක් තුල පිරිසක් යානාවකට පැටවීම වගේ දේවල් ටිකක් විතර පැටලිලි සහිතයි. කමක් නැ කොමික් නේ. සමහරු තර්ක කරනවා වගේ කොමික් වල මොනවද ඇත්ත කියල කියන මතේ පිහිටා ඉඳිමින් මට කියන්න පුළුවන් මෙම චිත්‍රපටය ගොඩාක් රසවිඳින්න පුළුවන් චිත්‍රපටයක් කියල. කුණු තක්කාලි අගය 92% සහ IMDB 8.1 ඉතින් ලේසියෙන් ලැබෙන්නේ නැනේ. ඒවගේම මෙහි තෝර් සහ ලොකි ඇමරිකානු ඉංග්‍රීසි උච්චාරනයත්, ඇස්ගාර්ඩ් සහ සකාර් වැසියන් තරමක් පැරණි ඉංග්‍රීසි වලට සමාන භාෂාවක් භාවිතා කරන හින්දා උපසිරසියේ සිංහල දෙබස් යෙදීමේදී ඒ බාෂා ආකාරයන් යොදාගැනීමට මම සැලකිලිමත් උනා.
ඉතින් තෝර් චරිතයේත් පැහැදිලි වෙනස්කම් කිහිපයක් මෙම චිත්‍රපටයේ දක්නට ලැබෙනවා. එකක් තමා ඔයාල අපි තෝර් චරිතයේ දැක්ක දිගු කොණ්ඩය දක්නට නොලැබීම. එත් ඉතින් මාවෙල් හි අපි ඔක්කොම දන්නා ස්ටේන් ලිම මෙම කොණ්ඩය කපා දැමීමේ දර්ශනයට පෙනී සිටින හින්ද එයාලට හොඳ නම් අපිට හොඳා කියන කියමනට එකඟ වෙන්න වෙනවා. ඒවගේම තෝර් ගේ මිටිය චිත්‍රපටයේ පළමු විනාඩි විස්ස අතුලේදීම දුවිලි වෙලා යනවා. ඩොලර් මිලියන එකසිය අසුවක් වියදම් කරලා ඩොලර් මිලියන අටසිය පනහකට වැඩි මුදලක් හොයල තියෙන හින්ද මෙම වෙනස් කම් ලොව කොමික් රසියකින් පිළිඅරගෙන කියල අපිට හිතන්න පුළුවන්.
✍️ 𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Baiscope.lk
It's free. No subscription required
There are no reviews yet.