The Sabarmati Report [2024]

6.4/10
30 Views
0
20242 h 3 minFHD

Cast & Crew : Vikrant MasseyRaashii KhannaRidhi DograNazneen PatniBarkha Singh

  • Change :
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB

The Sabarmati Report (2024) | “භීෂණයක සත්‍ය කතාවක්…” 

සුබ දවසක් මිත්‍රවරුනි, මේ වතාවේ ඔබට ගෙන එන්නේ 2024 නොවැම්බර් 15 වැනිදා නිකුත් කෙරුණු ආන්දෝලනාත්මක දේශපාලන නාට්‍යමය සිනමා පටයක් වන The Sabarmati Report (2024). මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ Ranjan Chandel විසින්. එහෙත් පසුව ඔහු එයින් ඉවත් වීමත් සමඟ Dheeraj Sharma ඒ වෙනුවට ආදේශ කරනු ලැබුවා. අවිනාෂ් සහ අර්ජුන් විසින් මෙහි පිටපත රචනා කළේ අසීම් අරෝරාගේ කතාවකට අනුවයි. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ Balaji Motion Pictures සහ Vikir Films Production යන සමාගම් විසින්. බෙදාහරිනු ලැබුවේ Zee Studios මඟිනුයි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Vikrant Massey (සමර් කුමාර් ලෙසින්), Raashii Khanna (අම්රිතා ගිල් ලෙසින්) සහ Riddhi Dogra (මණිකා රාජ්පුරෝහිත් ලෙසින්) විසිනුයි. ගුජරාටයේ ගෝද්‍රා දුම්රියපළේ සිදුවුණු සත්‍ය ඛේදවාචකයක් පාදක කරගත් දේශපාලනමය සහ විමර්ෂණාත්මක චිත්‍රපටයක් වන The Sabarmati Report (2024) IMDb දර්ශකයේ 6.5/10ක අගයක් ලබාගන්නට සමත් වුණා. මේ චිත්‍රපටය  ZEE5 නාළිකාවේ විකාශය කෙරුණේ 2025 ජනවාරි 10 වැනිදායි. 

මිනිත්තු 123ක් පුරාවට දිවෙන මෙහි ප්‍රධාන කතාව ගොඩනඟා ඇත්තේ ජනමාධ්‍යයේ සහ දේශපාලනයේ හැසිරීම් වල තිත්ත යථාර්තයක් හෙළිදරව් කරමින්. ප්‍රවෘත්ති කියන්නේ මොකක්ද? සත්‍යය කියන්නේ මොකක්ද? ප්‍රවෘත්ති කියන්නේ සත්‍යයද? සත්‍යය යනු ප්‍රවෘත්තියකින් හුවාදක්වන සියල්ලම පමණක්මද? නැතිනම් ප්‍රවෘත්ති යනු ජනමාධ්‍යය විසින්  කිසියම් දේශපාලනික හෝ ව්‍යාපාරිකමය අරමුණක් වෙනුවෙන් හෙළිදරව් කිරීමට තීරණය කරගත්, සත්‍යයෙන් තෝරා ගැනුණු කොටස් පමණක් යොදාගනිමින් නිර්මාණය කරන අසත්‍ය හෝ අර්ධ සත්‍ය ප්‍රබන්ධ කතා පමණක්ද? එම සත්‍යයෙන් ජනමාධ්‍යය විසින් හෙළි නොකරන්නට තීරණය කරන කොටස් ජනතාවගෙන් සදහටම වසන් වෙනවාද? The Sabarmati Report (2024) සිනමා පටය හරහා මේ ගැන ඔබට උද්වෙගකරව ගලා යන අපූරු කතාවක් තුලින් පෙන්වාවි. සමාජ මාධ්‍යය ඇතිවීමට පෙර යුගයේ ලෝකයේ බහුතරයක් දෙනා රට තොට වෙන දේ දැනගන්නේ ජනමාධ්‍යයෙන් සහ එමගින්ම පමණයි. මේ නිසා සත්‍යය යනු කුමක්ද යන්න නිර්වචනය කිරීමේ පරමාධිකාරය ජනමාධ්‍ය සතු වුණා. අදටත් බොහෝ දුරට එය එසේමයි.

📑SUBTITLES BY : ✍ ප්‍රබුද්ධ කේසර විතානගේ [BAISCOPE]

Web-DL Hindi
Be the first to review “The Sabarmati Report [2024]”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.

Share

Movies
Tv Shows
Videos
Search