The Nun II (2023) Sinhala Subtitles | “යක්ෂයා නැවතත් ”
මං ඔයාලට අද අරගෙන ආවේ අලුතින්ම නිකුත් වුණ Horror චිත්‍රපටියක්. නිකන් එකක් නෙවෙයි ඔයාලා දන්න කියන චිත්‍රපටියක්.
ඔව්, ඒ තමයි The Nun චිත්‍රපටියේ දෙවෙනි දිගහැරුම විදිහට නිකුත් වුණ The Nun II

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Michael Chaves විසින්. බෙදාහරින්නේ Warner Bros. සහWarner Bros. Pictures හරහා. Horror/Thriller ගණයට වැටෙන ෆිල්ම් එක පැයයි මිනිත්තු 50ක් පුරාවට ධාවනය වෙනවා. IMDb 5.9ක අගයකුත් Rotten Tomatoes 52% ක අගයකුත් අරගෙන තියෙනවා.
The Nun II රිලීස් වෙන්නේ Conjuring universe එකේ 8වෙනි චිත්‍රපටිය විදිහටයි. ඊට අඩංගු වෙන්නේ,
1.Conjuring චිත්‍රපටි 3යි.
– The Conjuring (2013)
– The Conjuring 2 (2016)
– The Conjuring: The Devil Made Me Do It (2021)
2.Annabelle චිත්‍රපටි 3යි.
– Annabelle (2014)
– Annabelle: Creation (2017)
– Annabelle Comes Home (2019)
3.Nun චිත්‍රපටි 2යි.
– The Nun (2018)
– The Nun II (2023)
ඒ වගේම මේ චිත්‍රපටි වලට අදාල කාලයන් වෙනම තියෙනවා. ඒ කියන්නේ මේවා මේ පිළිවෙළට රිලීස් වුණාට යුනිවර්ස් එක ඇතුලේ අයිති වෙන්නේ එක එක කාලයන්ට.
මම මීට එහා ගිහින් චිත්‍රපටියේ කතාව නම් කියන්න අදහසක් නෑ ඒක ඔයාලගේ රසවින්දනයට බාධාවක් නිසා. ඒ නිසා මං ඔයාලට කියන්නේ ඩවුන්ලෝඩ් කරලා බලලාම ඉන්න.
✍️ 𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Cineru.lk
There are no reviews yet.