The Nun [2018]

5.3/10
59 Views
0
20181 h 36 minFHD

Cast & Crew : Taissa FarmigaDemián BichirBonnie AaronsJonas BloquetIngrid BisuPatrick WilsonVera FarmigaLili Taylor

  • Change :
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB
The Nun (2018) Sinhala Subtitles | “ශාපලත් කන්‍යාරාමයේ සැගවුනු රහස සොයා…”
ඉතින් මේකේ කතාව ලියලා තියෙන්නේ කොන්ජුරින් චිත්‍රපට දිත්වගේ අධ්‍යක්ෂක වරයා වන James Wan මහත්තයයි Gary Dauberman මහත්තයයි. ඒ වගේම අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ දක්ෂ Horror චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් වෙන Corin Hardy මහත්තයා. ඉතින් මේ ගැන තවත් විස්තර තව ටික දවසකින් වෙනමම ලිපියකින් බයිස්කෝප් මංසලේ පලකරන්නම්, එහෙනම් කතාව පැත්තට යමු.
රුමේනියාවේ පිටිසර ගමක කැලයට මායිම් වෙලා කර්ටා කියලා දේවස්ථානයක් තියනවා, ඇත්තම කව්වොත් ඒක කන්‍යාරාමයක්, ඉතින් මෙහේ ඉන්න කන්‍යා සොහොයුරියක් හදිසියේම ගෙල වැලලාගෙන සියදිවි නසාගන්නවා, ඉතින් සති දෙකකට පස්සේ ගම් වැසියෙක් දේවස්ථානයට ඕනිකරන අඩුම කුඩුම අරන් යනකොට තමයි අර කන්‍යා සොහොයුරියගේ සිරුර දකින්නේ, ඇත්තම කිව්වොත් ඒක කුනුවෙලා ගදගගහා, කපුටොන්ගේ ගොදුරක් වෙලා තියෙන්නේ, ඉතින් මෙයා ඉක්මනට එතනින් පැනලා දුවනවා, කටකතා කියන දේවල් ගොඩක් ඉක්මනට පැතිරෙනවනේ, ඔන්න ඉතින් මේ ගැන වතිකානුවේ තියන ප්‍රධාන දේවස්තානයටත් ආරන්චි වෙනවා, කන්‍යා සොහොයුරියක් කියන්නේ දෙවියන්ට කැපවුන කෙනෙක්, ඉතින් ඒ වගේ කෙනෙක් සියදිවි නසාගැනිම අසාමාන්‍ය දෙයක්, ඒ වගේම බලවත් පාප කර්මයක්. ඒක නිසා වතිකානුවෙන් මේ ගැන ඇත්ත නැත්ත හොයලා බලන්න තීරණය කරනවා, එයාලා ඒක ගැන හොයන්න බර්ක් කියන පුජකවරයයි, අයිරින් කියන කන්‍යා සොහොයුරියයි යවනවා, ඉතින් මේ අයිරින් එයාට අමුතුම බලයක් තියනවා, එයාට පුළුවන් දේවල් දකින්න.
ඉතින් ඔන්න මේ දෙන්නා මේ සිදුවීම ගැන හොයන්න රුමේනියාවට යනවා, එයාලා මුලින්ම යන්නේ අර මුලින්ම සිරුර හොයාගත්ත තරුණයාගේ ගෙදරට, ගිහිල්ලා ඒ සිදුවිම ගැන විස්තර හොයනවා, පස්සේ මේ දෙන්නා ඒ තරුනයත් එක්කරගෙන අර දේවස්ථානයට යනවා, ඉතින් දේවස්ථානයට යනකොට අර කන්‍යා සොහොයුරියගේ සිරුර තවමත් නරක් වෙවි දේවස්ථානයේ සිසිල් කුටිය තුල තිබෙනවා. ඉතින් බර්ක් පියතුමා දකිනවා ඒ සිරුරේ එක අතක යතුරක් තියනවා, ඉතින් එයා ඒක ගන්නවා, කොහොම හරි එයාලා එතන්ට ගිය වෙලාවේ ඉදන් අත්භූත දේවල් ගොඩාක් සිද්ද වෙනවා, ඒ වගේ එක සිදුවීමක් නිසා බර්ක් පියතුමාට පණපිටින් වැලලෙන්න පවා වෙනවා, එත් සිස්ට අයිරින් කොහොම හරි එයාව බේරගන්නවා, ඉතින් ඒ වලදාපු වලේ තිබිලා බර්ක් පියතුමා පොත් වයගයක් හොයාගන්නවා, ඉතින් ඒ පොත් පෙරල පෙරල එයාලා මේ අබිරහස විසදන්න පටන්ගන්නවා,
ඒකේ පළමු පියවර විදිහට සිස්ට අයිරින්ව ඒ දේවස්ථානයේ තියන කන්‍යා සොහොයුරියන් ඉගෙනගත්ත කන්‍යාරාසයට යවනවා, එහෙදි එයාට තවත් කන්‍යා සොහොයුරියෝ කීපදෙනෙක් හම්බවෙනවා, එත් ඇත්තටම එතන තියෙන්නේ වෙනම දෙයක්. ඒ කන්‍යා සොහොයුරියෝ පවසන විදිහට මේ අභිරහසේ සුල මුල කුරුස යුද්ධය පැවති සමය දක්වා දිව යනවා, කොටින්ම කියනවනම් ගොඩාක් බයානක දේවල් මේ දේවස්ථානය ඇතුලේ සියවස් ගානක ඉදන් වෙලා තියනවා, ගම්මු දේවස්ථානය වටේට කුරුස හිටවලා තියෙන්නේ, ගමේ මිනිස්සු දේවස්ථානයේ නම කිව්වත් කෙල ගහනවා, ඉතින් කවුරුත් දන්න වැලෙක් කියන්නේ අමනුස්ස ලෝකේ ඉන්න දරුනුතම යක්ෂනිය තමයි මේ හැම දෙයක් පිටුපස්සෙම ඉන්නේ, එයා කොහොමද මේ ලෝකෙට ආවේ, කොහොමද දෙවියන්ට කැපවුන දේවස්ථානයක් ඇතුලේ බලය පෙන්නන්නේ, අර යතුරන් අරින දොර ඇතුලේ මොනවද තියෙන්නේ, බර්ක් පියතුමයි සිස්ට අයිරිනුයි කොහොමද මේ අභිරහස විසදලා ජීවිතේ බේරගන්නේ, ඇ කන්‍යා සොහොයුරිය සියදිවි නසාගත්තේ ඇයි. මේවට උත්තර හොයන්නනම් චිත්‍රපටිය බලන්නම වෙනවා.
තව දෙයක් කියන්න ඕනි සුපුරුදු විදිහට මේ චිත්‍රපටිය ඉවර කරන්නේ කොන්ජුරින් පළවෙනි චිත්‍රපටියට සම්බන්ධ කරලා. ඒ වගේම රසිකයෝ අතර මතයක් යනවා මේකේ ඉන්න අයිරින් කියන තරුණ කන්‍යා සොහොයුරිය කොන්ජුරින් විත්‍රපට දිත්වයේ අත්භූත සිදුවීම් සොයා යන Lorraine Warren ගේ තරුන කාලය කිලය කියලා, ඒකට ගොඩක් හේතු තියනවා, එකක් තමයි අයිරින්ටත් ලෝරේන්ට වගේ අනාගතය ගැන දර්ෂන පේනවා, ඒ වගේම අවසානෙදි කොන්ජුරින් චිත්‍රපටියත් එක්ක සම්බන්ද වෙලා සිතුවෙන සිතුවිම් වලින් පස්සේ මටත් හිතෙනවා ලොරේන් කියන්නේ අයිරින්මයි කියලා, ඉතින් අන්තිමට මේක ඉවර කරන්නේ තවත් ප්‍රෂ්ණාර්තයක් ඉතිරි කරලා බොහෝවිට ඒක කොන්ජුරින් 3 චිත්‍රපටියේ ආරම්බය වෙන්න පුළුවන්,
එහෙනම් හැමෝම හොදින් චිත්‍රපටිය රසවිදින්න
✍️ 𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Baiscope.lk
Blu-Ray English
Be the first to review “The Nun [2018]”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.

Share

Movies
Tv Shows
Videos
Search