Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Chris Pratt, Samuel L. Jackson, Hannah Waddingham, Ving Rhames, Nicholas Hoult, Cecily Strong, Harvey Guillén, Brett Goldstein, Bowen Yang, Snoop Dogg, Janelle James, Angus Cloud, Jeff Foxworthy, Eugenia Caruso, Luke Cinque-White, Dev Joshi, Chana Keefer, Mark Keefer, Edward Montgomery, Mark Dindal, Cameron Bernard Jones
The Garfield Movie (2024) | “කිරි හොරකම”
ඔයාලා හැමෝම ඉතින් ගාෆීල්ඩ්ව දන්නවනේ නොදන්න කෙනෙක් ඉන්න බෑ. මං හිතන්නේ සිරසේ තාමත් කාටූන් එක යනවා. චිත්‍රපටිය අයත්වෙන්නේ Family/Comedy කාණ්ඩයට සහ පැය 1 මිනි: 41ක ධාවන කාලයක් තියෙනවා. මේ චිත්‍රපටියටය අධ්‍යක්ෂණය කරන්නේ Mark Dindal විසින්. Sony ආයතනයෙන් බෙදාහැරීම කරන අතර ලොව වටා මිලියන 240කට ආසන්න ඉහල බොක්සොෆිස් ආදායමක් ගන්න සමත්වුණා. හඬ දායකත්වය ලබාදෙන්නේ ප්‍රසිද්ධ පිරිසකගේ එකතුවෙන්. Chris Pratt, Samuel L. Jackson, Snoop Dogg, Nicholas Hoult, Ving Rhames, Hannah Waddingham ඒ අතර ඉන්නවා.
ප්‍රධාන චරිත කිහිපය,
මේ චිත්‍රපටයේදී අපිට කලින් නොදැකපු ගාෆීල්ඩ්ගේ ස්ටෝරියක් දකින්න පුලුවන්. ඒ ජෝන්ට කොහොමද ගාෆීල්ඩ්ව හම්බවුණේ කියලා. ගාෆීල්ඩ්ගේ තාත්තා එයාව පාරේ තියලා යනවා. පුංචි කාලෙ ඉදලම කෑම වලට පෙරේත ගාෆිල්ඩ් සුවඳක් දිගේ යනවා. ඔන්න ඔහොම ගිහින් තමා ජෝන්ව හම්බවෙන්නේ. ඔහොම කාලය ගෙවිලා යනවා ගෙදරට ඕඩිවත් අරන් එනවා ජෝන්.
චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ පැහැරගැනීමක් එක්ක. සාමාන්‍ය විදිහට කකා බිබි දවස් ගෙවාගෙන ඉන්නකොට දවසක් රෑ ගාෆීල්ඩ්වයි ඕඩිවයි දෙන්නෙක් පැහැරගන්නවා. දෙන්නෙක් කියන්නේ බල්ලෝ දෙන්නෙක්. ඉතින් අල්ලන් ගිහින් කබයකින් එල්ලලා තියෙද්දි සම්පූර්ණයෙන්ම ඇඟ වහගෙන ඉන්න කෙනෙක් ඇවිත් බේරගන්නවා. ඉතින් ඒ කවුද? පැහැරගත්ත අය කවුද? ඒ පැහැරගත්ත හේතුව මොකක්ද? ඒක දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.
මම මීට වඩා කතාව කියන්න නම් අදහසක් නෑ. ඔයාලම බලලා රසවිඳින්නකෝ.
📑SUBTITLES BY : ✍ සුපුන් සදීප [CINERU]
It's free. No subscription required
There are no reviews yet.