Silence 2: The Night Owl Bar Shootout [2024]

6.2/10
29 Views
0
20242 h 22 minFHD

Cast & Crew : Manoj BajpayeePrachi DesaiSahil VaidVaquar SheikhParul GulatiShruti BapnaDinker SharmaNina KulkarniRandheer RaiMaahi JainPadam BholaIshika GagnejaSurbhi Rohra

  • Change :
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB

Silence 2 : The Night Owl Bar Shootout (2024) | “නිහඬබව වැනසූ වෙඩි හඬක්..!”

2021 වසරේ එලියට ආපු Silence : Can you Hear it? චිත්‍රපටය මතකද? ඒ චිත්‍රපටයේ දෙවන කොටස තමා Silence 2 : The Night Owl Bar Shootout (2024) විදිහට පසුගිය කාලේ එලියට ආවේ. කලින් චිත්‍රපටයේ වගේම මේ චිත්‍රපටයෙත් ප්‍රධාන චරිතවලට රංගනයෙන් එකතු වෙනවා ප්‍රවීණ වගේම අතිදක්ෂ Manoj Bajpayee, Prachi Desai, Sahil Vaid, Vaquar Shaikh කියන පිරිස. ඉතින් මේ සැරේ අලුත් අබිරහසක් තමා කට්ටියට සෙට් වෙලා තියෙන්නේ. ඒ නිසා කලින් චිත්‍රපටය නොබලපු කෙනෙක්ට පවා මේක රස විඳින්න පුළුවන්. Silence 2 චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 6.2ක අගයක් වාර්තා කරලා තියෙනවා මේ වෙද්දි. කතාව ගැන කිව්වොත් අවිනාශ් මහත්තයා මේ වෙද්දි ගෙවන්නේ තමන්ගේ පුද්ගලික ජීවිතයේ හැලහැප්පීම් එක්ක දවස් පහුකරමින් මානසික අරගලයක ඉන්න කාලයක්. ඔය අතරේ තමන්ගේ රාජකාරියට කිසි විදිහකින් අඩුවක් වෙන්න නම් ඉඩ දෙන්නේ නෑ මෙයා. හදිසියේම මෙයාට ප්‍රධානියාගෙන් පාන්දර ජාමේ දුරකථන ඇමතුමක් එනවා. ඒ තමා අහවල් බාර් එකක වෙඩි තැබීමකින්  කීපදෙනෙක්ව මරලා දාලා කියලා. ඉතින් අවිනාෂ් තමන්ගේ කණ්ඩායමත් එක්ක මේ අබිරහස විසඳීමේ බර කරට ගන්නවා. බැලු බැල්මට සාමාන්‍ය අපරාධයක් වගේ පෙනුනට මෙතන ඊට වඩා වැඩි යමක් තිබ්බා. ඒ ගැන වැඩිදුර දේවල් මේ චිත්‍රපටය බලලම දැනගන්න කියලා ආරාධනා කරනවා.
ඉතින් මේ බොහොම කාලෙකට පස්සේ තමා උපසිරසියකින් හමුවෙන්නේ. මේ චිත්‍රපටය ඇවිල්ලත් දැන් මාස 10ක් වගේ ඇති. සුභාෂිනී සහෝදරී එයාගේ කොටස කරලා එවලා ගොඩ දවසක් වුණත් මගේ කොටස ඉවර වෙන්න ගොඩක් කල් ගියා. ඉතින් ඒ ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. මේ වෙද්දි මේ චිත්‍රපටය ගොඩක් අය බලලත් ඇති. හැබැයි නොබලපු අයත් ඉන්න නිසා බලන්න ගන්න කියලා ආරාධනා කරනවා. තව මේ වගේ බාර අරන්, කරගන්න බැරිවෙච්ච උපසිරැසි කීපයක්ම තියෙනවා. ඒවත් එක්ක හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ජය වේවා..!!
📑SUBTITLES BY : ✍ රේණුකා සුභාෂිණි [BAISCOPE]
Web-Rip Hindi
Be the first to review “Silence 2: The Night Owl Bar Shootout [2024]”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.

Share

Movies
Tv Shows
Videos
Search