Satyaprem Ki Katha [2023]

6.7/10
68 Views
1
20232 h 26 minFHD

Cast & Crew :  Kartik AaryanKiara AdvaniGajraj RaoSupriya PathakSiddharth RanderiaShikha TalsaniaRajpal YadavAnuradha PatelNirmiti SawantMaira DoshiPalash TiwariArjun AnejaBhaumik AhirKavya Jethwa

  • Change :
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB

Satyaprem Ki Katha (2023) | “සත්‍යප්‍රේම්ගේ ආදර කතාව” 

සමීර් විඩ්වාන්ස්ගේ අද්‍යක්ෂනයෙන් හැඩවුනු හින්දි සිනමාවේ නැගීඑන නළු කාර්තික් ආර්යන් සමගින් කියාරා අඩ්වානි රංගනයේ යෙදෙන අළුත්ම චිත්‍රපටයක් පසුගිය ජුනි 23 වෙනිදා තිරගත කිරීම් ආරම්භ කරනු ලැබුවා. Satyaprem Ki Katha එහෙමත් නැත්නම් සත්‍යප්‍රේම් ගේ ආදර කතාවට අද වෙනකොටත් ප්‍රේක්ෂක ප්‍රතිචාර නොඅඩුව ලැබෙන චිත්‍රපටයක් වී හමාරයි. රොමෑන්ස් , කොමඩි ශානරයේ චිත්‍රපටයක් වන මෙය පුරා පැය 2යි විනාඩි 26ක් පුරාවට කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්

ඇත්තටම ෆිල්ම් එක ආදරණීය බවකින් මෘදු විදියට අපි නැරඹුවට ෆිල්ම් එකේ ඉන්දියානු සමාජයේ එක අදුරු පැත්තක් ඉස්මතු කරලා තියෙනවා. ඒ තමයි ස්ත්‍රී දූෂණය කියන අපරාධය.. ලංකාවේ තරමක් දුරට මේවා අඩු උනත් ඉන්දියාවේ හැම විනාඩි 20කට 30කට සැරයක් අහන්න ලැබෙනවා කියලා තමයි.. ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන්නේ..

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,

Kartik Aaryan – [සත්‍යප්‍රේම්] / [සත්තු]
Kiara Advani – [කතා කිෂන්]
Gajraj Rao – [නාරායන්]
Siddharth Randeria – [හරිකිෂන්]
Supriya Pathak – [දීවාලි]

අහාමාබාද් වල හරිකිෂන් කියන ව්‍යාපාරිකයාට ඉන්නවා රූමත් සෙල්ලක්කාර කෙල්ලෙක්. ඒ තමයි කතා ඒවගේම කතා කියන්නේ හොද රංගන ශිල්පිනියක්. ඒවගේම අපේ සත්‍යප්‍රේම් කියන පිං ගොනාත් කතාගේ රූපශ්‍රීයට වශී වෙලා හිටියේ.. ඇයි මං පිං ගොනා කිව්වේ 😁 ඔයාලා ෆිල්ම් එකේ මුල ටික බලද්දි ඔයාලටත් එහෙම හිතෙයි. ඉතිං කසාදයක්වත් නොබැද නිකමෙක් වගේ ඉන්න සත්තුට කතාගේ එක නර්තන ප්‍රසංගයක් අවසානයේ ඇය හා කතා කරන්න ඉඩ ලැබෙනවා. ඒත් කතා ඒ වෙද්දිත් තපන් මානෙක් කියන සල්ලිකාරයෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් අරගෙනයි තිබුනේ. කතා සහ තපන් අතර තිබුනු සම්බන්ධය කෙලවර වී ඇති බව දැනගන්න නාරායන්.. මේක එයාගේ පුතා වෙන සත්තුට කියනවා. තමන්ගේ බලාපොරොත්තු කඩවෙලා නිසා දුකෙන් හිටපු සත්තු මේ ආරංචිය නිසා ආයිමත් කතාව කසාද බදින අදහසින් හිතේ බලාපොරොත්තු පෙරදැරි කර ගන්නවා..

ඉස්සරහට මොකද වෙන්නේ..මම නම් කියන්නෙ නෑ.. ඔයාලම කතාව බලල ඉන්නකෝ..

✍️ 𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Cineru.lk 

HD-Rip Hindi
Add a review

Your email address will not be published. Required fields are marked *

  1. Kaveesha Chamodanee
    January 10, 2025

    Super quality and super film 😇❤️

Share

Movies
Tv Shows
Videos
Search