Nirangal Moondru [2024]

6.1/10
29 Views
0
20242 h 0 minFHD

Cast & Crew : Atharvaa MuraliR. SarathkumarRahmanAmmu AbhiramiDushyanth JayaprakashSanthana BharathiChinni JayanthJohn Vijay

  • Change :
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB

Nirangal Moondru (2024) | “පටලැවිල්ල”

කතාව ගත්තොත් බොහොම සරල සාමාන්‍ය විදියට අරඹන ලද කතා වස්තුවකින් සියල්ල කනපිට හරවන්නට බොහෝ සුළු කාලයකින් පුළුවන් වග සමාජයේ අපට දකින්නට ලැබෙන බොහෝ දැ එක් ව් කිසිසේත්ම සිතාගන්නට නොහැකි අවසානයකින් සමාජයට ලොකු කතාවක් ඉතිරි කරන හොඳ ප්ලොට් එකක් කියනන් පුළුවන් තරමට අතිශයින්ම සාර්ථකයි. ආතර්වා ගේ කලකට පසු පැමිණිම කාටත් කතා කල හැකි සිනමා නිර්මාණයකින් ඔහු හොඳ කම්බැක් එකක් දිලා තියෙනවා.අපි ඇත්තටම අසන දකින අප වටා ඉන්නා වුන් අප වෙනුවෙන් කොයි මොහොතක ඉන්නවද නැද්ද ඔවුන් කොයි මොහොතක අප අතරින් නික්ම යනවද නැද්ද යන්න සරලව පහදා දි තිබු අපුරුව නම් අද කාලේටම ගැළපෙන කතාවක්.

කතාව ගත්තොත් ශ්‍රී (දුෂ්‍යන්ත් ජයප්‍රකාශ්) කියන්නේ පාසල් ශිල්පියෙක් ඔහු හැමදාම උදේ පහට පමණ ඔහුගේ අමතර පන්ති වලට යන්න පාරට එනකොට ඔහු අහම්බයකින් දකිනවා පිරිමි තුන් හතර දෙනෙක් එකතුවෙලා තරුණ ගෑනු ළමයෙක්ව බලහත්කාරයෙන් වාහනයක් ඇතුළට දාගන්නවා. වසන්ත් ( රහ්මාන්) කියන්නේ ශ්‍රී ගේ පාසලේ ඉන්න ඉතාමත් දක්ශ හොඳ ගුරුවරයෙක් විදියට තමයි සමාජය විසින් හදුන්වනු ලබන්නේ හැබැයි ඔහු ඇත්තටම හොඳයි ද…පාර්වති (අම්මු අභිරාමී) කියන්නේ වසන්ත් සර් ගේ එකම දියණිය ශ්‍රී ගේ පෙම්වතිය වෙන්න ඉන්න ගෑනු ළමය ශ්‍රීට වසන්ත් සර් ගෙන් ආරංචි වෙනවා තමන්ගේ දියණිය පාර්වති අද උදෑසන ඉදල අතුරුදහන් වෙලා ආගිය අතක් නැ කියලා. වෙට්‍ර් ( ආතර්වා) මේලෝ වැඩකට නැති රස්තියාදුකාර ලෝකේ තියන සියළුම වසවිස පානය කරන සෙල්ලක්කාර කොල්ලෙක් එයාගේ රස්සාව තමයි ෆිල්ම්ස් වලට ස්ක්‍රිප්ට්ස් ලියන එක. ඔන්න ශ්‍රී දකින ගෑනු ළමය පැහැර ගැනීම වෙන දවසේම පාර්වති අතුරුදහන් වෙනවා වගේම වෙට්‍රි ලියපු ස්ක්‍රිප්ට් එකත් නැති වෙනවා. මේක ගැන විමර්ශනය කරන්න හම්බ වෙන්නේ සරත් කුමාර් ට එයාගේ පුතා තමයි වෙට්‍ර් කියන්නේ. ශ්‍රී දැකපු ගෑනු ළමය කවුද …පාර්වති අතුරුදහන් වුණේ කොහොමද …වෙට්‍රි ගේ ස්ක්‍රිප්ට් එක හොරකම් කරේ කවුද …මේ ඔක්කොටම උත්තර හොයාගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා

🥲😁 හිතනවාට වඩා මාරම පටලැලි සහගත කනෙක්ට් වෙන එක ලස්සනටම ඔක්කොමටම ගලපල තිබ්බ සුපිරියක් කියල නම් කියන පුළුවන්. ව්ශේෂයෙන්ම දරුවන්ට ඇති මාපිය සබඳතා ගැන මේකේ අන්තිමට දිල තියෙන සොශල් මැසේජ් එක නම් ඇස් වලට කදුලක් ගේනවා සත්තයි. හොයාගෙන බලන්න පුළුවන් දවසක බලන්න. මේක ගැන ගොඩක් අය කතා කරල තිබ්බා වගේම ඩ්රෙක්ටර්ට හොඳ ක්‍රෙඩිට් එකක් දිලා තිබ්බා.

සටහන 📝🖊️🔰 සුශ්මි

📑SUBTITLES BY : ✍ පීටර් බාත්ලට් [CINERU]

 

Web-DL Tamil
Be the first to review “Nirangal Moondru [2024]”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.

Share

Movies
Tv Shows
Videos
Search