Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew :Jason Statham, Jessica Alba, Tommy Lee Jones, Michelle Yeoh, Sam Hazeldine, John Cenatiempo, Toby Eddington, Femi Elufowoju Jr., Anteo Quintavalle, Rhatha Phongam, Bonnie Zellerbach, Stuart Thorp, Alex Kuzelicki
Mechanic: Resurrection (2016) | “කාර්මිකයාගේ පුනරාගමනය”
2011 ආව mechanic සිනමාපටය කවුරුත් බලන්න ඇති නෙහ්? ඒකෙ දෙවැන්න විදිහට තමා මේක ආවේ. චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ වන්නේ 2016 අගෝස්තු 26.IMDB දර්ශකයේ 5.9ක අගයක් ලබා ඇති මෙම සිනමාපටය මේ වනවිට උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් 36,496,261ක්. රංගනයෙන් දායක වෙන අය ගැනනම් කියන්න ඕනෙත් නැහැ වගේ මොකද මේ කට්ටියව නොදන්නා අය ඉන්න බැහැනේ . jason stetham,jessica alba,tommy lee jones , sam hazeldine යන අය රංගනයෙන් දායක වෙනවා. කතාව මෙහෙමයි. මිකැනික් පළමු සිනමාපටය අවසානයේ හැමෝමවම රවටමින් ආතර් බිෂොප් මළවුන් අතරට පිවිසුනා මතකනේ. ඉතින් මෙයා මෙහෙම හැංගිලා උන්න කාලේ අවසන් වෙන්නයි යන්නේ. ක්‍රෙන් කියලා බිෂොප්ගේ පරණ මිතුරෙක් කට්ටියව එවනවා බිෂොප්ට වැඩක් බාරදෙන්න. ඒත් බිෂොප් ඒකට අකමැති නිසා පැනලා යනවා.ඊටපස්සේ බිෂොප්ට ජීනාව හම්බවෙනවා. ජිනාත් එක්ක ටික දවසක් ආශ්‍රය තියෙද්දී ක්‍රෙන්ගේ මිනිස්සු ජිනාව පැහැරගෙන යනවා. ඉතින් මේ නිසා බිෂොප්ට සිද්දවෙනවා ක්‍රෙන් වෙනුවෙන් ආපහු මිනීමැරුම් නැත්නම් හදිසි අනතුරු සිද්ද කරන්න. ක්‍රෙන් බාරදෙන පුද්ගලයන් තිදෙනාව මරණ එක ලේසි වැඩක් නෙවේ. ඒත් පළමු චිත්‍රපටය බැලුව අය දන්නවනේ බිෂොප් ඒ වගේ වැඩවලට සැබෑ දක්ෂයා බව.
එහෙමනම් බිෂොප් ඒ ඝාතනයන් තුනම සාර්ථකව කරලා ජිනාව බෙරගනියිද? ක්‍රේන් එක්ක බිෂොප් මොන විදිහට ගනුදෙනු කරයිද? වගේ දේවල් බලලම දැනගන්න. මම මේ කිව්වේ බොහොම පොඩ්ඩක් විතරයි. අපි බලමු කාර්මිකයාගේ ආගමනය මොනවගේ වෙයිද කියලා.
📑SUBTITLES BY : ✍ මධුකප්‍රිය පෙරේරා [BAISCOPE]
It's free. No subscription required
There are no reviews yet.