Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Mohanlal, Prithviraj Sukumaran, Vivek Oberoi, Manju Warrier, Tovino Thomas, Indrajith Sukumaran, Saniya Iyyappan, Saikumar, Kalabhavan Shajon, Nyla Usha, Giju John, Baiju Santhosh, Fazil, Sachin Khedekar, Suresh Chandra Menon, Shivaji Guruvayoor, Nandhu, John Vijay, Aneesh G Menon, Kainakary Thankaraj
Lucifer (2019) | “රටක ඉරණම තීන්දු කළ අඳුරු ඝාතකයා”
ඉන්දීය සිනමා වංසකතාවේ නව පරිච්ඡේදයක් පෙරළමින් ඉන්දියානු රුපියල් බිලියන එකහමාරක බොක්ස්ඔෆිස් ආදායමක් හිමි කරගනිමින් එදාමෙදා තුර මලයාලමෙන් බිහි වුණු දැවැන්තම චිත්‍රපටය… ඉන්දියානු කෝටි 20ක් වැනි සුලු පිරිවැයකින් ඉන්දියානු කෝටි 200 ඉක්මවූ මුදලක් තමන් සතු කරගනිමින් වසර ගණනක් ජනප්‍රියතම චිත්‍රපටයට හිමි ස්ථානය රැකගෙන පැමිණියාවූ Pulimurugan චිත්‍රපටය එම ලැයිස්තුවේ දෙවන ස්ථානය දක්වා ඇද දමමින් මේ වනවිටත් ප්‍රථම ස්ථානයේ වැජඹෙන චිත්‍රපටය… 3500කට අධික මනාප සංඛාවකින් IMDb මීටරය 7.9කට කරකවමින් ටොමැටෝමීටරය 80%ටම ඉහළ දැමූ දකුණු ඉන්දියාවේ නවතම උන්මාදගත පුරාවෘත්තය…
ස්ටීෆන්.. ස්ටීෆන් නෙඩුම්පුල්ලි!
ශාන්තයි, පෙනුමෙන් තේජවන්තයි, කාටවත් කිසිම කරදරයක් නැහැ..
මහත්මා ගතිගුණ පිරුණු මහත්මයෙක්…
තමන්ගේ ‘ආස්‍රයා’ අනාථ නිවාසය නිසා කේරළයේ මිනිස්සු දෙවියන්ට වගේ සලකන මනුස්සයෙක්…
හැම මනුස්සයෙක්ටම පැති දෙකක් තියෙනවා,
එක පැත්තක් දෙවියෙක් වෙද්දී අනිත් පැත්ත යක්ෂයෙක්..
හැමදෙයක්ම වෙනස් වෙන්න ගන්නේ ප්‍රාන්තයේ මහඇමති රාම්දාස්ගේ මරණය සමඟයි!
හිස් වුණු මහඇමති පුටුව කාටද?
ඉන්දීය දේශපාලනය උඩු යටිකුරු කරන්න තනි මිනිහෙක්ට පුලුවන්ද?
ආසියාවේ ප්‍රබලම කුලී ඝාතක කණ්ඩායමේ නායකයා,
සායිද් මසූඩ්!!
ඉන්දියාව පුරා ක්‍රියාත්මක වෙන ඉලුමිනාටි සංවිධානයක්…
බල තරඟයට පොරකන හිවල්ලු මධ්‍යයේ නිහඬවම ගොදුරට කඩා පනින සිංහයෙක්…
“ තමුන් මගේ ඇඟට අත තිබ්බා. ඒකට සමාව දෙන්න පුලුවන්.
එත් තමුන් රාම්දාස් මහත්තයාගේ පවුලත් එක්ක හැප්පුණා. ඒක සමාව දෙන්න පුලුවන් වැරැද්දක් නෙමෙයි..! ”
ඉන්දීය දේශපාලනයේ භයානකම තර්ජනය..
කෝටි 200ක ආදායමක් සමඟින් මෙතෙක් මලයාලමෙන් නොදුටු යක්ෂයෙක්…
Lucifer හෙවත් සාතන් නොහොත්,
ස්ටීෆන් නෙඩුම්පුල්ලි හෙවත් කුරේශි අ’බ්‍රහම්!!!
නැවුම් අත්දැකීම් සොයන බයිස්කෝප් රසික රසිකාවින් සැමදෙනාටම පිළිගැන්වීමට අවසරයි, මලයාලමෙන් බිහි වී ඉන්දියාවම රත් කරපු කේරළයේ දැවැන්තම සිනමා නිර්මාණය!!
“This is an Illuminati Movie”
📑SUBTITLES BY : ✍ කවිනු වීරක්කොඩි [BAISCOPE]
It's free. No subscription required
There are no reviews yet.