Level Cross [2024]

6.8/10
33 Views
0
20241 h 56 minFHD

Cast & Crew : Asif AliSharafudheenAmala PaulPrachi TehlanLal Jose

  • Change :
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB

Level Cross (2024) | “ජීවිතයක් වෙනස් කල හුදෙකලාවක්”

රගු කියන්නේ පාලු කාන්තාරයක දුම්රිය ගේට්ටු මුරකාරයෙක් විදිහට සේවය කරන කෙනෙක්. එක දවසක් එයාට මුණ ගැහෙනවා සිහිය නැති කාන්තාවක්. ඒ කාන්තාවගේ නම චෛතාලි. එයාව මුණගැහෙන්නේ දුම්රියෙන් පනිද්දී. රගු තමන්ගේ ජීවිත කතාව චෛතාලිට කියනවා. චෛතාලිත් රගුට තමන්ගේ ජීවිත කතාවත් කියනවා. ඔහොම යද්දී ඒ දෙන්නා අතරේ මිත්‍ර සබදතාවයක් පටන් ගන්නවා.

මෙතැනින් එහාට මොනවා වෙයිද? ෆිල්ම් එක බලන්නකෝ.. තේරෙයි.

මලයාලියෝ කියන්නේ වෙනස්ම රහකට ෆිල්ම් හදන අයනේ ඉතින්. හොදම උදාහරණය තමයි සූක්ෂම දර්ශිනි.. (අපේ ශානා ගහපු එක) හැබැයි මේකත් එහෙම එකක්.. හැබැයි මේක තනිකරම ටෙලිනාට්‍යයක් බලනවා වගේ වැඩක්. උඩ විස්තරේ කියෙව්වා නම් තේරෙයි ඔයාට මේක අපේ ජීවිතත් එක්කම සම්බන්ධ වෙච්ච දෙයක් කියලා.. වැල් වටාරම්, වටේ රවුම් ගහන්නේ නැතුව කතාවට ගියොත් මේකේ නම Level Cross. මේ අවුරුද්දේ ජූලි 26 වෙනිදා නිකුත් කරපු මේ ෆිල්ම් එකේ ඩිරෙක්ටර් නම් ගොඩක් අලුත් කෙනෙක්. එයා තමයි අර්ෆාස් අයුබ්. වෙන කවුරුත් නෙවෙයි රොෂේන් අයියා ගහපු නේරු ෆිල්ම් එකේ ඩිරෙක්ටර් වෙච්ච ජීතු ජෝසෆ් ගේ ගෝලයෙක්. නිෂ්පාදකවරුන් ගැන කිව්වොත් රමේෂ් පි. පිල්ලෙයි, ඇලෙක්සැන්ඩර් නාස්, අබේල්බකි නාස් කියන සැට් එක වැඩේ කලේ. සංගීතය විශාල් චන්ද්‍රසේකර්ගෙන්. කතාව ලිව්වේ අෆාස්මයි. මතකද ටොවිනෝ තෝමස්ගේ 2023 අවුරුද්දේ නිකුත් කරපු Adrishaya Jalakanangal චිත්‍රපටය? ඒකේ ඉන්න චරිත ගාන 3යිනේ. මේකෙත් ඒ ගානමයි. කිසිම වෙනසක් නෑ. රංගනයෙන් අසිෆ් අලි, අමලා පෝල්, ශාරාෆ්යූධීන් යන අය දායකත්වය දක්වනවා. රේටින් පැත්ත ගත්තොත් IMDB අගය 6.8/10කුත්, ගුගල් පරිශීලක අගය 80% කුත් මේ චිත්‍රපටයට ලබා දීලා තියෙනවා.

අමතර තොරතුරු:
Cinematography: අප්පු ප්‍රභාකර්
Special Effects: ජා නිතේෂ්
VFX: ලවන් කුෂන්
Stunts: රාම්කුමාර් පෙරියසාමි
Constume Design: ලින්ටා ජීතු
Dialogues: ඇඩම් අයුබ්
Location Management: සලෙම් සෙල්මි
OTT Release: Amazon Prime Video
OTT Released Date: 13th Oct 2024

මේ චිත්‍රපටය සම්පුර්ණයෙන්ම රූගත කලේ ටියුනිසියාවේ කාන්තාරෙක. ඒක තමයි මේ ෆිල්ම් එකේ තියෙන විශේෂත්වය..

මේක මගේ මලයාලම් උපසිරැසිකරණයේ 19 වෙනි උපසිරැසිය. අනෙක්වාට වඩා මලයාලම් භාෂාවේ වචන අපේ වචන වලටත් ලගින් යන අවස්ථා නැතුවාම නෙවෙයි. ඒකට හොදම උදාහරණය තමයි Turbo මලයාලම් චිත්‍රපටය. ඉතින් ඇත්තටම ගොඩක් අය හිතනවා ඇති මලයාලම් උපසිරැසියක් හදන එක ගහන එක ලෙහෙසි වැඩක් කියන එක. ඒක දන්නේ ගහන කෙනා තමයි. ඇත්තටම ඒක සෙල්ලම් වැඩක් නෙවෙයි. මොකද එකේ කට්ට දන්නේ අපි හින්දා. හරිම පරිස්සමින් ගහන්න ඕනේ.. තෙලිගු, දෙමල වගේ නෙවෙයි.

අනිත් එක පුළුවන් නම් උපසිරැසි කරන අපේ සහෝදර සහෝදරියන්ට දිරිමත් කිරීමක් විදිහට කමෙන්ට් එකක් හරි දාන්න.. මොකද ඔයාලගේ දිරිමත් කිරීම හින්දම තමයි එයාලා ඔයාලට උපසිරැසි අරගෙන එන්නේ.

අවසා නෙට මෙහෙම කියලම සමුගන්නම්..

“අපි ආදරේ කරන මිනිස්සු.. අපිටම ද්‍රෝහී වෙනවා..”

📑SUBTITLES BY : ✍ ඕෂද එරංග [CINERU]

Web-Rip Malayalam
Be the first to review “Level Cross [2024]”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.

Share

Movies
Tv Shows
Videos
Search