iSmart Shankar (2019) Sinhala Subtitles|“මතක හුවමාරුවෙන් අපරාධකරුවන් සොයා”
පහුගිය කාල වකවානුව තුල ගොඩක් දෙනෙක්ගෙ කතා බහට ලක්වුනු චිත්‍රපටයක් තමයි Ismart shankar කියන්නේ. බොහෝ විශේෂ කාරනා හේතු වුනා ඒකට. මෙහි අධ්‍යක්ෂකවරයා Puri jagannadh තෙලිඟු සිනමාවට විශිෂ්ඨ නිර්මාණ දායාද කල කෙනෙක්.. ඉතින් ඔහු කලකට පස්සෙ කරපු හොඳ ෆිල්ම් එකක් විදියට මේක හඳුන්වන්න පුලුවන්.. Puri jagannadh එක්ක Charmme Kaur දෙන්න තමයි නිෂ්පාදනයත් කරල තියෙන්නේ..
මේ චිත්‍රපටය ගොඩක්ම හයිද්‍රාබාද් මූලික කරගෙන තමයි රූගත කිරීම් කරල තියෙන්නේ.. මැයි මාසෙ මැදවෙනකොට සියලු රූගත කිරීම් කටයුතු අවසන් කරල ජූලි 18 තමයි තිරගත කිරීම ආරම්භ කලේ.. එතැන් පටන් මේ දක්වා සාර්ථක ගමනක් ආපු බවනම් කිව යුතුයි.. දවස් නවයක් ඇතුල කෝටි 63+ කට අධික ආදයමක් උපායාගන්නත් සමත් වුනා..

IMDB දර්ශකය තුල 6.6 ක් වගේම 92% ක ගූගල් පරිශීලකයන්ගේ මනාපයත් හම්බෙලා තියෙනවා..
ඉතින් ප්‍රධාන නලු නිලියන් ගැන කතා කලොත් මෙහෙමයි .. ප්‍රධාන නලුවා ලෙසින් එක් වන්නේ.. ‘චොකලට් බෝයි’ ආදරේට ආමන්ත්‍රණය කරන තෙලිඟු සිනමාවේ Energetic Star ලෙසින් නම් දැරූ ‘Ram Pothineni’ විසින්.. ඉතින් රාම්ගේ සිනමා දිවියේ වෙනස්ම චරිතයක් තමයි මෙහි නිරූපණය වෙන්නේ..
ප්‍රධාන නිලියන් දෙපල ලෙසින් එක්වන සුරූපිනියන් වන්නේ.. Nidhhi Agerwal සමඟින් Nabha Natesh විසින්.. ඉතින් Nabha රංගනයෙන් දායකවන දෙවනි තෙලිඟු චිත්‍රපටය තමයි මේක..
හරි මං දැන් ලාවට කතාව මතක් කරන්නම්..
කතාව ආරම්භ වෙන්නේ මතක හුවමාරුව පිලිබඳ කරන වැඩසටහනකින්. ඒ කියන්නේ මෙහෙමයි. එක් මිනිසෙකුගේ මොළේ තියෙන නියුරෝන තවත් කෙනෙකුගේ නියුරෝන සමඟ සම්බන්ධ කරල මතකය හුවමාරු කරගන්න පුලුවන් කියන එක.. ඉතින් මේක පිළිබඳ පරීක්ෂණ කරගෙන යන්නෙ සාරා කියලා විද්‍යාඥවරියක්. මේ වැඩසටහන අතරතුර එයාගෙ පෙම්වතා දැනුම් දෙනවා ‘ ශංකර් ‘ කියලා අපරාධ කාරයෙක් හිරෙන් පැනල කියල.
ශංකර් කාසි විශ්වනාත්ව මරල හිරේට ගිහින් ඉදල තමා මෙහෙම පැනල යන්නේ.. ඉතින් ශංකර් අල්ලන්න එන පොලිස් නිළධාරීන්ට ගහල පැන ගන්නවා. ඊට පස්සෙ කතාව අතීතයට දිව යනවා… ඉතින් මීට වඩා කියන්න බෑ.. ගොඩක් රසවත් විදියට කතාව ඉදිරියට ගලා යනවා.. ඒක ඔයාට බලන්නම වෙනවා..
ඉතින් තව දෙයක් මේකට ලැබුනේ Great ‘A’ Censor Certificate එකක්.. ඒ කියන්නේ 18+ කාණ්ඩෙට අහුවෙන්නේ.. ඒ වුනත් එහෙම අහිතකර සීන් නම් අඩංගු නෑ කියල කියන්න ඕනි… මේකේ කතා ශෛලිය , වචන ටිකක් සැරට තියෙන නිසා එහෙම Certificate එකක් ලැබෙන්න ඇත්තේ…
කොහොමවුනත් තෙලිඟු සිනමාවට එක්වුනු තවත් අපූරු සලරුවක් මගනොහැර බලන්න කියල ඉල්ලමින් මං යන්නම්..
✍️ 𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Cineru.lk
There are no reviews yet.