Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Ralph Fiennes, Stanley Tucci, John Lithgow, Isabella Rossellini, Lucian Msamati, Carlos Diehz, Sergio Castellitto, Brían F. O’Byrne, Merab Ninidze, Thomas Loibl, Jacek Koman, Bruno Novelli, Rony Kramer, Valerio Da Silva, Joseph Mydell, Vincenzo Failla, Garrick Hagon, Madhav Sharma, Loris Loddi, Roberto Citran, Antonio Toma, Balkissa Souley Maiga, Romuald Kłos, Willie Jonah
Conclave (2024)| “මහා පාප් සමුළුවේ ගැටලුව”
කතාව වෙන්නේ මෙහෙමයි.. මුලින්ම පටන් ගන්නේ වතිකානුවේ එවකට ශුද්ධෝත්තම පාප්වහන්සේ අභාවප්‍රාප්ත වීමේ දර්ශනයෙන්. මේත් එක්කම ශුද්ධ වූ පාප් පදවියයි ආසනයයි හිස් වෙනවා. මේ හින්දා පල්ලියේ පීඨාධිපතිව ඉන්න තෝමස් ලෝරන්ස් ට සිද්ධ වෙනවා තමන්ගේ මූලිකත්වයෙන් නව පාප්තුමෙක්ව තෝරගන්න සමුළුවක් පවත්වන්න. මේ අනුව ලොව නන්දෙසින් කාදිනල්වරුන් රෝමයට එනවා. මැතිවරණයකින් අදාළ බහුතරය ලබාගන්නා අපේක්ෂකයා නව පාප් පදවියේ දිවුරුම් දෙන්න නියමිත කරගෙන කටයුතු සම්පාදනය කරගෙන යනකොට, ලෝරන්ස් පීඨාධිපතිතුමාට තේරුම් යනවා මේ කාදිනල්වරුන්ගෙන් වැඩි දෙනෙක් පාප් පදවිය දරන්න තරම් සුදුස්සෝ නෙමෙයි කියලා. ඒ වෙනුවෙන් නොගැළපෙන විදිහට තමන්ගේ ජීවිතේ පවත්වාගෙන ගියපු අය මේ අතරේ ඉන්නවා කියන එක පීඨාධිපතිතුමාට තේරුම් යනවා. මේ වගේ තත්වයක් යටතේ පාප් පදවිය නුසුදුස්සෙක් අතට පත් නොකර පදවියේ පවිත්‍රබව රැකගන්න ලෝරන්ස් පීඨාධිපතිතුමා දරන උත්සාහය සහ අනිත් කාදිනල්වරුන්ගේ පෙනෙන මතුපිටට යටින් හංගගෙන ඉන්න කළු පැල්ලම් මතුකරගන්න දරන වෑයම මේ චිත්‍රපටයෙන් කියාපානවා. ඒ වගේම විවිධ සරල සංකේත භාවිතා කරලා සංකීර්ණ පණිවිඩ ලබාදෙන බවක් මේ චිත්‍රපටය පුරාවටම දැකගන්න ලැබෙනවා.
කාස්ට් එක පැත්තට හැරුණාම, අපි කවුරුත් දන්න හැරී පෝටර් චිත්‍රපටවල Lord Voldemort චරිතයට වගේම The King’s Man සහ The Reader යන චිත්‍රපටවලටත් රංගනයෙන් දායක වුණු සම්භාවනීය රංගන ශිල්පී Ralph Fiennes, තෝමස් ලෝරන්ස් චරිතයටත්, Carlos Diehz, කාදිනල් බෙනීටෙස් චරිතයටත්, Stanley Tucci, කාදිනල් බෙලීනි චරිතයටත්, John Lithgow, කාදිනල් ට්‍රෙම්බ්ලේ චරිතයටත්, Sergio Castellitto, කාදිනල් ටෙඩෙස්කෝ චරිතයටත් රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටය පුරාවටම රංගනයෙන් දායක වෙන හැම රංගන ශිල්පියෙක්, ශිල්පිණියක්ගෙම රංගනය ඉතා හොඳ මට්ටමක තියෙනවා.
✍️ 𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Cineru.lk
It's free. No subscription required
There are no reviews yet.