Chhorii 2 [2025]

4.6/10
16 Views
0
20252 h 13 minFHD

Cast & Crew : Nushrratt BharucchaSoha Ali KhanPallavi PatilSaurabh GoyalShyam GopalKuldeep SareenHardika Sharma

  • Change :
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB

Chhorii 2 (2025) | “අඳුරු මායාවන්” 

මේ චිත්‍රපටය ත්‍රාසය, භීතිය කැටි කර ගත් ගැඹුරු කතාවක් සහ හොද පණිවිඩයක් දෙන කතාවක්. සිනමාලෝලීයෙක් නම් මේක අතෑරගන්න එපා හොරර්, ත්‍රිලර් ශානරයට අයිති මේ චෝරි 2, 2021 දී ආපු චෝරි චිත්‍රපටයේ දෙවැනි දිගහැරුමයි. නුෂ්රත් භාරුචා ප්‍රධාන රංගනයෙන් දායක වෙන මෙහි සෝහා අලි ඛාන්, ගෂ්මීර් මහජනි, සහ සෞරභ් ගෝයල් සෙසු රංගනයෙන් දායක වෙනවා. 2022 නොවැම්බර් 30 වැනිදා රූගත කිරීම් ආරම්භ කෙරුනු අතර 2023 පෙබරවාරි මාසය වෙනකන් රූගත කිරීම් සිදු කෙරුනා. කෙසේ වෙතත් මේ ෆිල්ම් එක සිනමාශාලා වල තිරගත කරන්න ඔවුන් සැලසුම් නොකර මෙසේ Direct OTT විදියට නිකුත් කිරීමත් මෙහි තවත් වෙනසක්. අධ්‍යක්ෂණය විශාල් ෆුරියා විසින් සිදුකර ඇති අතර  ධාවන කාලය මිනිත්තු 133 ක්.

රංගනය:

නුෂ්රත් භාරුච්චා – සාක්ෂි

සෝහා අලි ඛාන් – දාසි මා

ගෂ්මීර් මහජනි – ඉන්ස්පෙක්ටර් සමර්

සෞරභ් ගෝයල් – රාජ්බීර්

පල්ලවි අජේ – රානි මා

හර්දිකා ශර්මා – ඉෂානි

කතාව පැත්තට ගියොත්,

චෝරි 1 සිනමාපටයෙන් හමුවුනු සක්ෂි, ඇගේ අතීතයේ බියකරු සෙවනැලි මැද ආයෙත් අපිට බලාගන්න පුළුවන් වෙනවා, ගමක බිහිසුණු බලවේගවලට මුහුණ දෙන සාක්ෂි, අන්ධ විශ්වාස සහ ස්ත්‍රී විරෝධයේ බලවත් බාධකවලට හසු වෙනවා. මේ නිසා එයා එයාගෙ කලින් සැමියගෙන් වෙන්වෙලා ජීවත් වෙනවා. ඒ සමර්ගෙ ගෙදර. එයාගෙ අවුරුදු 7ක් වයසැති  දුවත් එක්ක. ඉතින් එයාගෙ දුවට ඉර අව්වට යන්න බෑ. ඔහොම ඉන්න අතරවාරයෙ එයාගෙ දුවව පිරිසක් පැහැරගන්නවා. අතෑරලා දාලා ආව ගමටත් සාක්ෂිට ආපහු යන්න වෙනවා.

ඇයි ඉෂානිව පැහැරගත්තෙ?

සාක්ෂිට සමර්ව හම්බුනේ කොහොමද?

මොනවද මේ ගමේ සිද්ධ වෙන අදුරු මායාවන්?

කවුද ඒකට වග කියන්න ඕනෙ?

ඉෂානිව සාක්ෂිට බේරගන්න පුලුවන්වෙයිද?

අන්තිම මොහොත වෙනකම් කෘතුහලයෙන් බලන්න පුළුවන් කතාවක්

අනිවාර්යෙන්ම බලන්න.. ජයම වේවා.

📑SUBTITLES BY : ✍ උචිනි පෙරේරා [CINERU]

Web-DL Hindi
Be the first to review “Chhorii 2 [2025]”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.

Share

Movies
Tv Shows
Videos
Search