Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Dylan O’Brien, Eliza Scanlen, Lauren Ambrose, Sam Hennings, Diana Hopper, Eric Lange, Lance E. Nichols, Nina Leon, David Maldonado, Kim Baptiste, Jules Hilillo Fernandez, Jody Sellers, Caroline Falk, Greysen Conley, Larry S. White, Zedrick Tinsley, A.C. Cooper, Jennifer Sellers, Jeff Hartgrove
Caddo Lake (2024) | ”කැඩෝ විලේ අභිරහස”
1999 දි පැරිස්ට සහ ඔහුගේ මවට භයානක ආනතුරක් සිද්ධ වෙනවා ඔවුන් ගමන් කළ කාර් එක කැඩෝ විලට වැටිලා, ඒ අනතුරෙන් ඔහුගේ අම්මා මෙලොවින් සමුගත්තත් පැරිස්ට හැකි වෙනවා ජීවිතේ බේරගන්න හැබැයි ජීවිතේ බේරුණත් ඔහුගේ ජීවිතේ ඉන්පසු ඉදිරියට යෑමක් නම් වෙන්නෑ. මොකද ඔහුට අම්මව බේරගන්න තිබ්බනේ කියන වැරදිසහගත බව ඔහුව දිගටම හොල්මන් කරන්න ගන්නවා. වෛද්‍යවරුන් නම් කියන්නේ ඒ ඔහුගේ අම්මට ඇතිවුණ හදිසි සීෂර්(හදිසියේ ඇතිවෙන ගැහීමක්) නිසා අනතුර වුණයි කියලා. මොකද ඔහුගේ අම්මට ඊට කලිනුත් මේ රෝගී තත්වෙ විටෙන් විට ඇති වෙලා තියෙනවා. හැබැයි පැරිස් මේක පිළිගන්න ලෑස්ති නෑ. මොකද ඒ වෙනකොට එයාගෙ අම්මට අවුරුදු හයකින් එහෙම ගැහීම් ඇති වෙලා තිබුණ්නෑ. ඇයි ඉතිං එදාම ඇති වුණේ ? මේ ප්‍රශ්නත් එක්ක ඔහු මිනිස්සුන්ගෙන් ටිකෙන් ටික ඈත් වෙනවා, ඔහුගේ පෙම්වතියගෙන් පවා. ඔහුගේ ඔළුවේ වැඩ කරන්නේ එකම දෙයයි, ඒ ඔහුගේ අම්මට වෙන ප්‍රශ්නයක් තිබුණයි කියනේක, එහෙම ගැහීම් ඇතිවෙන්න තරම්.
මේ අතරෙදි එලී සහ ඇගේ සුළු සහෝදරිය වෙන ඇනා (එලීගෙ අම්මා දෙවෙනියට බැඳපු පුද්ගලයා ඩැනියෙල්ගෙ දුව) අතරේ තවත් කතාවක් ගෙතෙනවා කැඩෝ වල ප්‍රදේශයක් වුණ කානැක් හි. එලී කියන්නෙ එයාගෙ තාත්තා එයා පොඩි කාලෙදිම හිටි හැටියේ අතුරුදහන් වෙලා එයාගෙ අම්මයි අම්මගෙ දෙවෙනි කසාඳෙ ඩැනියෙලුයි එක්ක ඉන්න හිතුවක්කාර කෙල්ලෙක්. එයා අම්මත් එක්ක සෑහෙන්න රන්ඩු දාගෙන මාස ගනන් ගෙදර එන්නැතුව යාළුවන්ගෙ දිහා නවතිනවා. මේ වගෙන් වැඩියෙන්ම දුක් වෙන්නේ එයාගෙ සුළු නංගි ඇනා. දවසක් ආයෙත් එලීයි එයාගෙ අම්මයි රන්ඩු වෙලා එලී ගෙදරින් යනවා එතකොට ඇනාත් එයත් එක්ක යන්න හැදුවත් එලීගෙ අම්මා ඒකට ඉඩ දෙන්නෑ. කොහොම හරි පහුවදා බලද්දි ඇනා අතුරුදහන්! හිතන්නේ එයා එලීව හොයන් එයාගෙ යාළුවගෙ ගෙදර එන්න ඇති කියලා. මෙහෙම කැඩෝ විලේ ඒ ප්‍රදේශෙම හෙව්වත් ඇයව හොයාගන්න බැරිවෙනවා.
මොකක්ද මෙච්චරටම මේ තියෙන කැඩෝ විලේ අභිරහස ? කොහොමද කට්ටිය මෙහෙම අතුරුදහන් වෙන්නේ ? මේවා එකට සම්බන්ධයිද ? මේ ඉහත කිව්ව කතා දෙක කොහොම එකට සම්බන්ධ වෙයිද ? ඔයාලට දැනටමත් සෝශල් මීඩියා හරහා කතාව ස්පොයිල් වෙලා නැත්තම් මට සහතික වුණ හැකී ඔයාලට ඒ කොහොමද කියලා ඒක සිද්ධ වෙනකල් හිතා ගන්න බෑ කියලා. එහෙනම් තවත් හිතන්න එපා නොබලපු අය දැම්ම ඩව්න්ලෝඩ් වෙන්න දාගන්න, බලන්න. ඔබේ කාලයට කිසිම පාඩුවක් නම් වෙන්නෑ!
✍️ 𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Cineru.lk
It's free. No subscription required
There are no reviews yet.