Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Jyothirmayi, Kunchacko Boban, Fahadh Faasil, Srindaa, Sharafudheen, Veena Nandakumar, Shobi Thilakan, V. T. Vijilesh, Nisthar Ahamed, Athira Patel, Jinu Joseph, Varsha Ramesh, Aravind Deepu, RJ Murugan, Amala Rose, Anjana Babu, Naveena V M
Bougainvillea (2024) | “බෝගන්විලා මතකය”
ආයුබෝවන්, 2024 වසර ගෙවී ගියා. ගිය වසර මලයාලි රසිකයින්ට නම් ඉතා සුවිශේෂ වසරක් වෙන්න ඇති මේ වසර පටන් ගත්තෙ ඉතා උනුසුම් ලෙස දිගින් දිගටම බ්ලොක්බස්ටර්, සුපර් හිට් ගණනාවක් නිකුත් කරමින් ඉන්දීය සිනමාව හෙල්ලුව සිනමාවක් තමයි මොලිවුඩය.. වසර මැදදි ටිකක් නිද්‍රාශීලී ගතියක් තිබුනත් නැවත අවසන් මාස දෙකේදී ඉතා විශිෂ්ඨ චිත්‍රපට රැසක් එලි දක්වන්නමොලිවුඩය කරා. සමස්ථ වශයෙන් මේ වසර ඉතා හොඳ චිත්‍රපට රාශියක් එලි දැක්වූ වසරක් උනත් මේ වසරේ නිකුත් වූ මලයාලි චිත්‍රපට 204 අතුරින් වාණිජ අතින් ඉතා සාර්ථක උනේ 26ක් පමණයි.මේ අසාර්ථක චිත්‍රපට අතරත් ඉතා ගුණාත්මක චිත්‍රපට රැසක් තිබෙනවා. මේ වසරේ ශ්‍රී ලාංකික අපටත් මලයාලි සිනමාව විශේෂ උනා. මුල් වරට ශ්‍රී ලාංකික අධ්‍යක්ෂක වරයෙක් වන ප්‍රසන්න විතානගේ මලයාලි චිත්‍රපටයක් අධ්‍යක්ෂනය කලා.( PARADICE.). ඊට අමතරව මලයාලි චිත්‍රපට කිහිපයක් ලාංකික සිනමාහල් වල ප්‍රදර්ශනය උනා. ඒ වගේම මම්මුටි, මොහාන් ලාල්, කුන්චාකෝ බොබන්. ෆහාද් ෆසිල් වැනි නළුවන් රඟපාන චිත්‍රපට කීපයක්ම ලංකාවෙ කැමරා ගත කෙරුනා. කොහොමත් ශ්‍රී ලාංකික රසිකයො රැසක්ම මලයාලි සිනමාවට අලුතින් එකතු උන වසරක් හැටියට මේ වසර හඳුන්වන්න පුළුවන්.
අද මම උප සිරැසිය රැගෙන එන චිත්‍රපටය රිලීස් වෙලා සති දෙක තුනක් ගිහින්. මේ වෙන කොට ඔබ බලලත් ඇති. විදේශ ගත වී සිටි නිසා මට උප සිරැසිය කරන්න මදක් පමා උනා. ඒත් මේ වගේ හොඳ චිත්‍රපටයකට බයිස්කෝප් අඩවියේ උපසිරැසියක් නැති එක අඩුවක් නිසා පමා වී හෝ මෙය නිකුත් කරනවා.
psychological thriller වලට මලයාලින් තරම් දක්ෂ තිර පිටපත් රචකයො ඉන්දියාවෙ වෙන කොහෙවත් නැති තරම්. මේකත් අමුතු තේමාවක් රැගත් චිත්‍රපටයක්. සිය මතකය අවුල් වූ කාන්තාවක් තමන්ගෙ ජීවිතේ වටා සිදු වන සිද්ධීන් සමූහයක් මතකයට නගා ගන්න කරන උත්සාහයක් සහ ඒ අතර විශාල අභිරහසක් මෙහි කියවෙනවා.
📑SUBTITLES BY : ✍ BANDULA K [BAISCOPE]
It's free. No subscription required
There are no reviews yet.